පුද්ගලික වාසිගන්න ඇමතිකම් ගත්තා නම් මමත් අද මුදල් ඇමති - හර්ෂ (VIDEO)

පුද්ගලික වාසි තකා ඇමතිකම් ගත්තා නම් තමන් අද මුදල් ඇමති ධුරයේ කටයුතු කරනු ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා

පවසනවා.

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් මුදා හරිමින් අද (29) ඔහු මේ බව කියා සිටියේ ය.

“මේ අය දේශපාලනය ඇතුළේ තමන්ගේ උවමනාකම්වලට කටයුතු කරනවා. 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය කියලා දැන් මොකක්ද කරන්නේ? ජනාධිපතිතුමා තවදුරටත් මෙතනම ඉදගෙන 19ට වඩා තමන්ගේ තිබුණ බලය වැඩි කරගෙන ඉන්න යන කථාවක් තමයි අපිටනම් පේන්නේ.

දැන් මුළු ලෝකයම පිළිඅරගෙන තියෙනවා ගෝඨාභය රාජපක්ෂගේ වැරදි තීරණ නිසා තමයි මේ රට බංකොලොත් වුණේ කියලා. අයි.එම්.එෆ්. ප්‍රධානියා එන්.ඩී.ටී.වී. එකට කියනවානේ කවුරු නිසාද මේක වුණේ කියලා.

හැබැයි අපි ඒ විදිහටමයි ඉස්සරහට යන්නේ. මේක සුද්ධ කරන්න ඕන. අපිට තේරෙනවා මේක එක පාරට කරන්න බැරි බව. නිෂ්චිත කාලරාමුවක් දෙන්න ඕන. අපි එහොම කළෝතින් යමකිසි විදිහකට මේකට විසඳුමක් හොයන්න පුළුවන් ජාතික ආණ්ඩුවක් හදලා. නැත්නම් කොහොමද කරන්නේ.

ඔය පනින කට්ටිය 50කට කොහෙද තව ඇමතිකම් දෙන්න යනවා. ඇමතිකම් දීලා 21 වැනි සංශෝධනය පාස් කර ගන්න යනවා. මටනම් එපා වෙලා තියෙන්නේ. හැබැයි අපි උත්සාහ කරමු. වෙන කරන්න දෙයක් නෑ. අපි ඔක්කොම එකතුවෙලා මිනිස්සු බලාපොරොත්තු වෙන දේ කරන්න ට්‍රයි කරමු.
දේශපාලන වාසි ගන්න නොයෙකුත් පුද්ගලයන්ගේ පුද්ගලික වාසි තකා ඇමතිකම් අරගෙන වැඩක් නෑ. එහෙම නම් මම අද මුදල් ඇමති. වැඩක් නෑ. අපි රට ගැන හිතනවානම් වෙනස කරන්න සිද්ධ වෙනවා. හැමෝම එකතුවෙලා ජාතික ආණ්ඩුවක් හදලා අපිට පුළුවන් වෙයි මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න. ඒක තමයි මම විශ්වාස කරන්නේ”

Search