රු: ට්‍රිලියනයක් අච්චු ගැහුවොත් ගෑස් සිලින්ඩරයක් රු:10,000ට යයි - මරික්කාර් (VIDEO)

අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇති පරිදි තවත් රුපියල් ට්‍රිලියනයක් අච්චු ගැසුවහොත්, පාන්, කිරිපිටි, පෙට්‍රල්, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහල

යාමෙන් ජනතාවට තුන්වේලම බඩගින්නේ ඉන්න තත්වයක් උදාවේවියි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම්. මරික්කාර් පවසනවා.

''රජය පවත්වාගෙන යාම සදහාත් ඒ වගේම පඩි ගෙවීම සදහාත් තවත් රුපියල් ට්‍රිලියනයක් අච්චු ගහන්න යනවා කියලා ආරංචි වෙනවා. රුපියල් ට්‍රිලියනයක් කියන්නේ කෝටි ලක්ෂයක් අච්චු ගහන්න හදනවා. එතකොට අපි පැහැදිලිවම අගමැතිතුමාට කියන්න කැමතියි මේ කෝටි ලක්ෂයක් අච්චු ගහන්න එපා ..එහෙම උනොත් විශේෂයෙන්ම පාන් රාත්තලක් රුපියල් 400 දක්වා වැඩි වේවි. කිරිපිටි පැකට් එකක් රුපියල් 1000 පනීවි. ඒවගේම පෙට්‍රල් ලීටරයක් රුපියල් 600 ට යයි. ගෑස් සිලින්ඩරයක් රුපියල් 10,000/- යාවි. එතකොට ස්වයං රැකියා කරන මිනිස්සු, පෞද්ගලික අංශයේ වැඩ කරන මිනිස්සු, සාමාන්‍ය කුඩා ව්‍යාපාර කරගෙන යන මිනිස්සු වගෙම එදිනෙදා වේල හම්බ කරන මිනිස්සු කාටවත් ජීවත් වීමේ හැකියාව සම්පූර්ණයෙන්ම නැති වෙලා තුන්වේලම බඩගින්නෙ ඉන්න වෙන තත්ත්වයක් උදා වෙයි,'' යැයි ඔහු කියා සිටියේ, විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

Search