සුරේෂ් සලේ මාරාන්තික උපවාසයක – ආහාර, ජලය, ඖෂධ ගැනීම ප්‍රතික්ෂේප කරයි

සුරේෂ් සලේ මාරාන්තික උපවාසයක – ආහාර, ජලය, ඖෂධ ගැනීම ප්‍රතික්ෂේප කරයි


හිටපු මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල අද ( 6) ප්‍රකාශ කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ ඔහුට එල්ල වන අමානුෂික වදහිංසා සහ පහත් සැලකීම්වලට විරෝධය පළ කරමින් මෙම උපවාසය ආරම්භ කර ඇති බව ඒ මහතා පැවසීය.

සලේ මහතාගේ බිරිඳ සහ පුත්‍රයා කළ ඉල්ලීමකට අනුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළ ගම්මන්පිල මහතා මේ බව අනාවරණය කළේය.

මෙම උපවාසයේදී ඔහු ආහාර පමණක් නොව ජීවත්වීමට අත්‍යවශ්‍ය ජලය සහ ඖෂධ ලබා ගැනීම පවා ප්‍රතික්ෂේප කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Search