අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ඇති වූ ගින්නෙන් පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගතව සිටි තවත් අයෙකු මියගොස් තිබේ.
ඒ අනුව පෙරේදා (3) සිදුවූ මෙම අවාසනාවන්ත අනතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට 13 දක්වා ඉහළ ගොස් ඇත.
තවමත් පුද්ගලයන් පස්දෙනෙකු (5) බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.
අනතුර සිදු වන අවස්ථාවේදී මෙම රැඳවුම් මධ්‍යස්ථානය තුළ පුද්ගලයන් 72 දෙනෙකු සිට ඇති අතර, ගින්න හටගත් අවස්ථාවේදීම ඉන් 10 දෙනෙකු ගොඩනැගිල්ල තුළදීම පිළිස්සී මියගොස් තිබුණි