11-13% ගිිනි පොලියට ඩොලර් ණයට ගන්න වෙයි.. නැතොත් යලි IMF යන්න වෙයි..

 11-13% ගිිනි පොලියට ඩොලර් ණයට ගන්න වෙයි.. නැතොත් යලි IMF යන්න වෙයි..

විදේශ විනිමය පරතරය පියවා ගැනීම සඳහා ලබන වසරේ (2027)දී ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළට ගොස් බැඳුම්කර නිකුත්කර ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් පමණ සොයා ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ මහතා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 05වන සහ 6වන සමාලෝචන වාර්තා වල සඳහන් වන පරිදි රට මුහුණ දී සිටින ඉහළ අවදානම නිසා එම මුදල් ණයට ගැනීමේදී සියයට 11ත් 13ත් අතර මට්ටමක ඉහළ පොලියක් ගෙවීමට සිදුවනු ඇතැයි ද මහාචාර්යවරයා පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළෙන් එම මුදල් සොයා ගැනීමට නොහැකි වුවහොත් ලබන වසරේදී (2027)දී නැවත කෙටිකාලීනව හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට ශ්‍රී ලංකාවට යළි ඇතුළත් වීමට සිදුවනු ඇතැයි ද මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ මහතා තවදුරටත් කීවේය

Search