රාජපක්ෂලා රකින 21 කට අපි නැහැ - සජිත් (VIDEO)

රාජපක්ෂලා සනසන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සදහා ආණ්ඩුව කුමන්ත්‍රණ කරන බව සමගි ජන බලවේග නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත්

ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (29) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති වැඩසටහනකදී ය.

සමගි ජනබලවේගය ගෙන ආ අංග සම්පූර්ණ 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජයග්‍රහණය කිරීමට සමගි ජනබලවේගය කටයුතු කරමින් සිටින අතර ඊට එරෙහි කුමන්ත්‍රණ සහ දියාරු කිරීම් වහාම ආපසු හැරවිය යුතුයැයි විපක්ෂ නායකයා පවසනවා.

විධායකය අහෝසි කරන පළමු පියවර සදහා කටයුතු කළයුතු අවස්ථාවක සමහර අවස්ථාවාදීන් රාජපක්ෂලා රකින්නට කටයුතු කරන බවත් රටේ අරමුණ සහ ඉල්ලීම රාජපක්ෂලා ගෙදර වන නමුත් ලුම්පත් කල්ලියක අරමුණ වන්නේ රාජපක්ෂලා ආරක්ෂා කිරීම බවද ඔහු කියා සිටියේ ය.

 

Search