සාහිත්‍යකරුවන් කියන්නේ අමුතු එවුන් නෙවෙයි. උන් ජීවත්වෙන්නෙත් මේ ගිනි ගන්න, ගිනි තියන, දහදුරා තක්කඩිකම් සිදුවන සමාජයක කොටස්කරුවන් හැටියට.
හැබැයි වගකීමක් තියෙනවා සිදුවන විනාශයන් නිර්මාණාත්මකව ඉදිරිපත් කරමින් සහෘද සමාජය දැනුම්වත් කරන්න. සාහිත්‍යයෙන් මනඃකල්පිත වීරයින් හදලා යෞවන පාඨක සමාජය උමතුවට ලක්කරන එක දැන් අපේ රටේ මෝස්තරයක් වෙලා.
යොවුන් නවකතා බොහොමයක් ඉලක්ක කරගන්නේ යෞවනයා තාවකාලිකව මෝහනයට පත්කර ලාබ උපයාගන්නයි. මෙබඳු රැල්ලක මම අලිඩෝලේ ලිව්වේ මිනිස්- අලි ගැටුමට උත්තරයක් සෙවීමටයි.
ඒ සඳහා පොතක් පළවීම පමණක් ප්‍රමාණවත් නොවේ. රජත පුස්තක බඳු සම්මානයක් ලැබීමෙන් නාඳුනන පාඨකයා ඒ වෙත ආකර්‍ෂණය වීම මගින් පොත ඇතුළාන්තයෙන් කියන කතාව වේගයෙන් සමාජගත වෙනවා.
එවිට දැවෙන සමාජ ගැටලුවකට උත්තර හොයන්න විශාල පිරිසක් දායක වෙනවා. අලිඩෝලේ පොතට මෙවර රජත පුස්තක සම්මානය හිමිවීම මා දකින්නේ දිනෙන් දින අප රටට අහිමිවන වල් අලි සම්පත හා මිනිස් ජීවිත ඇතුළු වගාසම්පත් සියල්ල රැකගැනීමට පුංචියෙන් හෝ ලැබෙන දිරියක් කියලයි.
ඒවගේම මෙවර රජත පුස්තක සම්මාන ලැබුණු මල්ලියාවඩු සොයුරාට හා ඉලෙයපාරච්චි සොයුරාටත් සුබ පැතුම් පිරිනමන අතර සුරස ප්‍රකාශනායතනයටත් දයාබර ප්‍රේම් අයියාටත් කටපුරාම බොහෝ පිං කියන්න කැමතියි....!!!!
මහින්ද කුමාර දළුපොත