One last hug  අවසන් වැලද ගැනීම

One last hug අවසන් වැලද ගැනීම
සේයාරුව - තාරක බස්නායක 
..........................................................
යුක්‍රේන් ජාතික විශ්වවිද්‍යාලයේ ජායාරූප කලා අද්‍ය්යන අංශය සංවිධානය කරන life press photo 2019 ජාත්‍යන්තර ජායාරූප තරගය සදහා තාරක බස්නායක ඉදිරිපත් කරන ලද ජායාරූපයයි.මෙයට රටවල් 29 ක ශිල්පින් 226 දෙනෙකු ගේ ජායාරූප 4484 අතුරින් තෙවන ස්තානය හිමිවිය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් පවුලක අවමංගල කටයුතු සිදුකල අවස්තා ව ජායාරූපයට නිමිති විය.මේ මිහිදන් කෙරෙනුයේ එකම පවුලක හත් දෙනෙකි.ඔවුන්ගෙන් තිදෙනෙක් කුඩා දරුවෝය .දකුණු පැත්තේ පෙට්ට් තුනේ නිදන්නෙ ඒ දෘරු තිදෙනාය.කොයි මුනුපුරාදැයි නොදැනම අත්තාම්මා කෙනෙක් දරුවකුගේ දෙන බදා විලාප දෙන අයුරු නිරූපිත මේ ජායාරූපයේ විශේෂත්වය වන්නේ එකම මොහොතක මිනිස් සමූහයක් තුල වූ ශෝකය නිරූපණය කිරීමයි .කාලය හා දේශය ඇදුම් පැලදුම් ආදිය මගින් ප්‍රකාශිතය.මානව සදාචාරය තුල කලුපැල්ලමක් වූ පාස්කු සංහාරය තව දශක ගනනක් එපිට ට ස්මරණය කරන්නට සමත් මේ ජායාරූප ය අසාර්ථක පාලන තන්ත්‍රයක් ස්වෝත්සාහී ව පනවා ගත් දකුණු ආසියානු රටක අවාසනාවන්ත මිනිසුන් ගේ ඉරනම ද ලෝකයට ව්වර කලේය....

(උපුටා ගැනීමකි)

Search