That is one way to prove your innocence ...

1983 දී ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා හි අධිකරණයකදී ගත් චායාරූපයකි. ෆ්ලොරිඩාවේ සමාජ ශාලා වල නරතනාංග ඉදිරිපත් කරන ශිල්පිනියක් විසින් මෙලෙස සිය යට ඇඳුම හොඳින් පෙන්වනු ලබන්නේ අධිකරණ විනිසුරු ඩේවිඩ් ඒ. ඩිමර්ස් වෙතය. රහස් පොලිසිය විසින් ඇයව අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන්නේ නර්තනාංග ඉදිරිපත් කිරීමේදී උවමනාවෙන්ම ශරීරයේ රහස් ප්‍රදේශයන් නිරාවරණය වන අන්දමින් නර්තනයේ යෙදීම යන වරදටය. තම නිර්දෝශී භාවය ඔප්පු කරනු වස් ඈ මෙලෙස නැමී සිය යට ඇඳුම පෙන්වා එය තම රහස් ශරීරාංග පෙන්වන තරමටම කොට නැති බවත්, එමගින් රහස් ප්‍රදේශය ආවරණය කරන බවත් කියා සිටියාය.

ඉදිරිපත් කිරීමෙන් සෑහීමකට පත්වූ අධිකරණ විනිසුරුවරයා ඈ නිදොස් කරන ලදී.

ඡායාරූපය ගන්නා ලද ජිම් ඩෙම්ස්ක් එය පුවත්පතෙහි පළ කළේ That is one way to prove your innocence යනුවෙනි...

සටහන - Kasun Nadeera..

Search