රට ලේ විලක් වෙන්න කලින් අර්බුදය විසඳන්න මැදිහත් වෙන්න - මහ නායක හිමිවරුන්ට ඉල්ලීමක් (VIDEO)

රට ලේ විලක් වීමට මත්තෙන් අර්බුදය විසඳීමට මැදිහත් වන ලෙස සමගි වනිතා බලවේගය මහ නායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

 

එම සංවිධානයේ නියෝජිත පිරිසක් මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ, අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක අස්ගිරි විජේසුන්දරාරාම විහාරද්වයාධිපති, අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මාහිමිපාණන් වහන්සේ සහ සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ මහා නායක, මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති, අති ගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මාහිමිපාණන් වහන්සේ බැහැදැක සංදේශයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරල මාධ්‍ය වෙත මෙසේ අදහස් පළ කළා ය.

 

Search