ජනපති කමිටු වාර්තාවේ කොටස් මුජිබර මැතිසභයට හෙළි කරයි. රතු බහාලුම් තිස් හතක් නිකම්ම පිට කරලා යවන තීරණය එන්නත් කලින් දෙකක් මුදා ඇරලා
අවදානම් වර්ගීකරණය යටතේ අනිවාර්යෙන් ස්කෑන් පරීක්ෂාවකට ලක් කළ යුතු රතු ලේබල යටතේ වූ මහලුන් එකසිය පනස් එකක් අතරින් බහලුම් තිස් හතක් කිසිදු ස්කෑන් හෝ භෞතික පරීක්ෂණයකින් තොරව නිදහස් කර ඇති බව එම සිද්ධිය පිළිබඳ කරුණු සොයා බැලීමට යනාධිපතිවරයා විසින් පත් කෙරුණු කමිටුවේ අවසන් වාර්තාවේ සඳහන් වන බව සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මූජීබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළේය.
පරීක්ෂාවක් නොකර බහලුන් 309ක් රේගුවෙන් නිදහස් කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කෙරුණු කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවේ ඊයේ සභාගත කරමින් ඔහු මෙසේ පැවසීය.
ආණ්ඩුව මෙම කමිටු වාර්තාව ඉදිරිපත් නොකර සඟවා ගත් හෙයින් තමා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද මූජීබර් රහුමාන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය..