ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටේ බලය ලබාගෙන වසර දෙකක් යනතුරු කොවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දුන් බවත්, එම කාලය තුල රටේ ජනතාවට
පොරොන්දු වු දේ ඉටු කිරිමට නොහැකි වුවත් ඉදිරි වසර තුනක කාලයේදි එම පොරොන්දු ඉටු කිරිමට ජනාධිපතිවරයා ඇතුළු වත්මන් රජය පියවර ගන්නා බවත් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නාවලපිටිය ආසනයේ තරුණ බල මණ්ඩල රැස්විම නාවලපිටිය පදනම් කාර්යාලයේ පැවති අවස්තාවේදිය.
රජය පිලිබදව කිසිදු අයෙකු සැකයක් තබාගත යුතු නොමැති බවත් ඉදිරි වසර තුන සහ ඉන් අනතුරුව තවත් වසර පහක් මේ රට පාලනය කරනු ලබන්නේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණු රජය බව මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.