තම පවුලේ සාමාජයකින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා මහනාහිමිවරුන්ගේ පිහිට පැතු බවට සමාජ මාධ්‍ය ඔස්සේ පතුරවා ඇති ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍යයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.
සිය X ගිණුමේ සටහනක් තවමින් ඔහු පවසන්නේ පොරොන්දු ඉටු කිරීමට අසමත් වූ ආණ්ඩුව තම අසාර්ථකත්වය වසා ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරත වන බවයි.
මහින්ද රාජපක්ෂ මහතාට හෝ තම පවුලේ සාමාජිකයන්ට අසත්‍ය චෝදනා එල්ල කිරීමට මහනාහිමිවරුන් සම්බන්ධ කර අසත්‍ය ප්‍රචාර කිරීම නින්දිත උත්සාහයක් බව ඒ මහතා පවසයි.