රට වැටී ඇති හිඟන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති, අගමැති සහ මුදල් ඇමැති වගකිවයුතු බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අද (22) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
තෙල් නැව බාන්න ආණ්ඩුවට ඩොලර් මිලියන 36ක් නැති වීම නිසා ‘වෙස්ට් කෝස්ට්‘ බලාගාරයේ මෙගාවොට් 300ත් අද සිට අහිමි වන අතර රටේ ජනතාවගේ ප්‍රවාහන මෙන්ම විදුලිබලය ද එනිසා අහිමි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක කියා සිටිනවා.
විදුලි අර්බුදය ප්‍රමුඛ ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුව ගලේ පැහැරූ බළලුන්ගේ තත්ත්වයට පත්ව ඇති බවයි ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.