බහාලුම් වංචාව ගැන අහන්න විමල් CID කැදවයි

 ශ්‍රී ලංකා රේගුව විසින් සිදුකළ බව කියන මතභේදාත්මක බහාලුම් නිදහස් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.



ඒ අනුව, අදාළ ප්‍රකාශය සටහන් කර ගැනීම සඳහා 09 දින පෙරවරු 9.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුබද්ධ විශේෂ විමර්ශන ඒකක 4 වෙත පැමිණෙන ලෙස ඒ මහතාට දැනුම් දී ඇත.

මෙම කැඳවීම සිදුකර ඇත්තේ, පසුගිය 2024 වසරේ ජනවාරි මස 29 වන දින විමල් වීරවංශ මහතා විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී කරන ලද හෙළිදරව්වක් පදනම් කරගනිමිනි.


ශ්‍රී ලංකා වරාය වෙත ආනයනය කරන ලද බහාලුම් 323ක් කිසිදු නිසි පරීක්ෂාවකින් තොරව රේගුව මගින් මුදා හැර ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

 

Search