වර්තමානයේ පැන නැගී ඇති අර්බුද ලංකා ආර්ථිකයට බලපාන ආකාරය ගැන මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළ යුතු බව හිටපු අග්‍රාමාත්‍ය
රනිල් වික්‍රමසිංහ පවසනවා.
අද (22) පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව කියා සිටියේ ය.
රුසියාව සහ යුක්රේනය අතර අර්බුදය නිසා ලෝක වෙළෙඳ පොළේ තෙල් බැරලය ඩොලර් 115 ක් දක්වා ඉහළ යාමේ හැකියාවක් ඇති බැවින් පැරණි මිලට ඇනවුම් කරන ලද ඉන්ධන නැව් තුනට කෙසේ හෝ මුදල් සොයාගෙන ගෙවන ලෙස ද හිටපු අගමැතිවරයා පැවසී ය.
"ඊයේ රාත්‍රියේ රුසියාව යුක්රේනයට ඇතුළු වීමෙන් පසුව ලෝකයේ තෙල් බැරලයක් ඩොලර් 115 ක් වේවි. අපට දැනටත් මුදල් ගෙවන්න නොහැකි වී තිබෙනවා. දැනට පැමිණ තිබෙන නැව් දෙකට කෙසේ හෝ මුදල් ගෙවන එක හොඳයි."