මෙරට මහජන ආරක්ෂාව මෙහෙයවන්නේ ඩුබායිවලින් පාර්ලිමේන්තුවේදී මම තමයි මුලින්ම කිව්වේ මට ඉංග්‍රීසි බෑ කියලා.. දැන් බලනකොට ඔක්කොම කපුටාස්ලා-- පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්

මෙරට මහජන ආරක්ෂාව මෙහෙයවන්නේ ඩුබායිවලින් පාර්ලිමේන්තුවේදී මම තමයි මුලින්ම කිව්වේ මට ඉංග්‍රීසි බෑ කියලා.. දැන් බලනකොට ඔක්කොම කපුටාස්ලා-- පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්

වර්තමානයේ මෙරට මහජන ආරක්ෂාව මෙහෙයවනු ලබන්නේ ඩුබායි සිට බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දිසානායක මහතා පැවසීය .

පාර්ලිමේන්තුවේ ඊයේ පැවති විවාදය දී අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය .

එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙලෙස අදහස් දක්වා සිටියේය මේ පාර්ලිමේන්තුවේදී මම තමයි පළමුවෙන්ම කිව්වේ ඉංග්‍රීසි බෑ කියලා.. බලාගෙන යනකොට කපුටාස්ලා ඉන්නේ ඔක්කොම .. මම හිතුවේ මම විතරයි කපුටාස් කෙනෙක් ඉන්නේ කියලා. ඊයේ පෙරේදා ලෝක ආර්ථික සමුළුවකට ගිහින් නිකන් පච උනා.. අපිත් පිලිගන්න ඕනෑ අපිට බැරි දේ අපි මාතරින්ද බදුල්ලෙන්ද මහියංගනයෙන්ද අපි ආවම  අපි හැමෝම රෝයල් ගිහිල්ලා නෑ... ලෝක ආර්ථික සමුළුවකට ගිහින්. පච වෙනවට වඩා හොඳයි බැරි දේවල් නොකියා පුළුවන් විදියට කවුරුහරි එක්කගෙන ගිහින් ඒ වැඩේ කළා නම් රටටත් නම්බුවක්.. යයි ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේය

Search