ප්‍රසිද්ධ ඔසුහල් හොරෙන් ලියාපදිංචි නොකළ හෘද සැත්කම් එන්නත් ගෙන්නලා...CID පරීක්ෂණ ඇරඹේයි

ප්‍රසිද්ධ ඔසුහල් හොරෙන් ලියාපදිංචි නොකළ හෘද සැත්කම් එන්නත්  ගෙන්නලා...CID පරීක්ෂණ ඇරඹේයි

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකර බැගේජ් මගින් මෙරටට ගෙන්වා හෘද රෝග සැත්කම් සඳහා දෙන පැපරින් නමැති එන්නත වෙළෙඳපොළේ අලෙවි කරන බවට ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව මෙරට ප්‍රධාන පෙළේ ඖෂධහල් දෙකක උසස් නිලධාරින්ගෙන් ඔවුන් සතුව ඇති අදාළ ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් සතු ලියකියවිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පරීක්ෂා කරනු ලැබීය.

එහිදී අදාළ නිලධාරින් වාර්තා කීපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇත.

එම ඖෂධහල් දෙකෙන් එකකට මීට පෙර ලියාපදිංචි නොකළ ඖෂධ මෙරට තුළ අලෙවි කිරීම හේතුවෙන් නීතිය ක්‍රියාත්මක කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

පැපරින් එන්නතලියාපදිංචි නොකර මෙරට තුළ අලෙවි කරන බවට ජාතික සිවිල් බුද්ධි පෙරමුණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබිණි.

Search