දූෂණ අදහසින් ගන්නා කැබිනට් තීන්දු නිත්‍යානුකූල නොවන බවට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල් පවසනවා. ඒ නිසා ඖෂධ 113ක් g2g ක්‍රමය යටතේ මිලදී ගැනීමට සෞඛ්‍ය කරගෙන ඇති පත්‍රිකාවක් දූෂණ අදහසින් කරන ලද්දක්ද යන්න තීරණය වන්නේ අනාගතයේදී .. එම නිසා කැබිනට තීන්දු මත පමණක් පදනම් වී මෙවැනි තීරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳව සැලකිල්ලිමත් විය යුතු බව සෞඛ්‍ය වෘත්තිකයන් පවසනවා. යැයි කොළඹදී ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමදේශ මහතා ප්‍රකාශ කළේය.
g2g ක්‍රමය යටතේ මිලදී ගැනීමට යන ඖෂධ පනහක් පමණ දේශීය නිෂ්පාදනය කරන ඒවා බවද ඔහු කීවේය.
එම ඖෂධ පකිස්ථානය බංගලදේශය ඉන්දියාව සහ ඉන්දුනීසියාව යන රටවල්වලින් තත්ත්ව පාලනයකින් තොරව ලංකාවට ගේන්න ඉඩ දීලා මිල අඩුයි කියලා සෞඛ්‍ය ඇමති කියනවා නම් ලංකාවේ දේශීය නිෂ්පාදනකයන්ටත් තත්ත්වය පාලනයකින් තොරව ඖෂධ නිෂ්පාදනය කරන අවසර දෙන්න එවිට ඔවුන් ඊට වඩා අඩුවට නිපදවා වී ..