මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා සෙවීම සදහා කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (08) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළ අතර විමර්ශන සිද්ධ වන්නේ ආධාර ලබාගත් ආගමික සිද්ධස්ථාන සම්බන්ධයෙන් නොව, ආධාර බෙදා දීමේ දී සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් බවද පැවසීය.
සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම පිණිස කමිටුවක් පත් කිරීමට 2025-05-17 දින පැවති මධ්‍යම සංස්කෘතික අරමුදලේ 223 වන පාලක මණ්ඩල රැස්වීමේ දී ද තීරණය කර ඇත.
ඒ අනුව, අදාළ කාර්යය සඳහා විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ජී.එම්.ඩබ්ලිව්. ප්‍රදීප් ජයතිලක මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රි පුද්ගල කමිටුවක් පත් කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ