චමුදිතගේ ප්‍රහාරය ගැන සජිත් සහ සරත් ඇමති ගැටෙයි (VIDEO)

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ ජීවිතයට තර්ජනයක් ඇත්දැයි යන්න පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවාව විසින් වාර්තාවක් කැඳවා ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය

සරත් වීරසේකර පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් යොමුකළ පැනයකට පිළිතුරු ලබා දෙමින් අද (22) පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව කියා සිටියේ ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රජයේ නිල සහ නිල නොලත් හස්තයන් උපයෝගී කරගෙන මාධ්‍යවේදීන්ට තර්ජනය කරන බවට විපක්ෂ නායකයා කළ ප්‍රකාශය ජිනීවා මානව හිමිකම් සැසිය ඉලක්ක කරගෙන සිදු කරන දුෂ්ට ප්‍රකාශයක් බව අමාත්‍ය සරත් වීරසේකර එහිදී චෝදනා කළේ ය.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවස ආවරණය වන පරිදි ජංගම මුර සංචාර ක්‍රියාත්මක කිරීම ආරම්භ කළේ තමන් විසින් පාර්ලිමේන්තුවට ප්‍රශ්නය ඉදිරිපත් කිරීමෙන් පසුව බවත් සෑම ප්‍රශ්නයකින්ම පලා යාමට ජිනිවා මන්තරය පාවිච්චි නොකරන ලෙසත් එහිදී විපක්ෂ නායකයා අවධාරණය කර සිටියේ ය.

 

 

Search