බොරු කියලා ආණ්ඩුවක් හදපු වියත්මග, විමල් වීරවංශ ඇතුළු පිරිසට මේ වනවිට රටට අත්ව ඇති විනාශයෙන් මිදෙන්නට නොහැකි බව ජනතා විමුක්ති
පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.
ඊයේ (2දා) ජ.වි.පෙ. මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේ ය.
“අපේ රටේ ජනතාව ඉතිහාසයේ කවරදාටත් වඩා විශාල අර්බුද රැසකට මුහුණදෙමින් ඉන්නවා. භාණ්ඩ මිල වැඩිවෙලා, භාණ්ඩ හිඟයක් ඇතිවෙලා, පෝලිම් හැදිලා, පොහොර නැහැ, කෘෂිකර්මාන්තය බිඳ වැටිලා, උයාගන්න ගෑස් නැහැ. මේවැනි මහා අර්බුදයක් තියෙද්දී ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග ඉතාම බරපතළයි. ජනාධිපති කිසි ප්‍රශ්නයකට වගකියන්නේ නැහැ. ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව රටට විහිළු සපයමින් ඉන්නවා. වියත්මඟේ අය කිව්වේ සුපිරිම ආණ්ඩුව හදනවා, ගෝඨාභය තමයි මේ රටේ බිහිවෙන හොඳම නායකයා කියලා. විමල් වීරවංශ කිව්වේ ගෝඨාභය ලීක්වාන් යූ, මහින්ද මහතීර් මොහොමඩ් වගේ. දෙන්නම එකතු වුණු ආණ්ඩුවක් කොහොම වෙයිද කියලා. දැන් අපිට පේනවා මේ සුපිරි ආණ්ඩුව රටට කරන විනාශය මොකක්ද කියලා. බොරු කියලා ආණ්ඩුවක් හදපු වියත්මඟට, විමල් වීරවංශලාට මේ විනාශයේ වගකීමෙන් මිදෙන්න පුළුවන්ද?"