තමන් ජනපති ලෙස තෝරා පත්කරගත් ජනයාගේ අභිලාෂ මුදුන් පත්කර දීම සඳහා සූදානම් බවත් ඒ වෙනුවෙන් දැඩි තීරණ ගන්නට සිදුවේ නම් ඊට ද තමන්
සූදානම් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මහාවිහාරවංශික කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාව විසින් ඔහු වෙත “ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ” ගෞරව නාමය පිරිනැමීම උදෙසා ඊයේ (2) පැවති උත්සවයේ දී ය.
රට ගොඩනැගීම සඳහා ගත වූ කාලයට වඩා වැඩි කාලයක් ඉතිරිව ඇති බැවින් ඉදිරි වසර තුන මැනවින් කළමනාකරණය කර රට ගොඩනැගීමට මහා සංඝරත්නයේ ආශිර්වාදය පිරිනමන බව මෙහිදී ප්‍රධාන අනුශාසනාව සිදුකරමින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති අග්ගමහා පණ්ඩිත මහාචාර්ය අතිපූජ්‍ය කොටපිටියේ රාහුල අනුනාහිමියෝ පැවසූහ.
මහා සංඝරත්නය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ , කථානායක මහින්ද යාපා අබේවර්ධන , කැබිනට් අමාත්‍යවරු, ආණ්ඩුකාරවරු, රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, තානාපතිවරු, අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.