ගොඩක් දේ දැනගන්න හදනවට වඩා අපි ආසයි ගොඩක් දේ නොදැන ඉන්න පුළුවන් නම්. ඒ කියන්නේ අපි තුල රැඩිකල් හැකියාවක් පවතිනවා යමක් ගැන දැනුමක් අප වටා දිග හැරෙමින් පැවතුනත් ඒ ගැන දන්නේ නැහැ
වගේ ඉන්න. හොඳම උදාහරණය තමයි ගෝලීය පරිසර ප්‍රශ්නේ. කොරෝනා වෛරස් එක ගැන උනත් ගොඩක් දේ දැන ගන්න අපි ආස නැහැ. ටක් ගාල වෙන දෙයක් දිහා බලනවා. මේකට නරුම බව කියල කියන්න පුළුවන් වුනත් ඇත්තටම ඒ ගොඩක් දේ දැන ගත්තම අපිට ආතතියක් ඇති වෙනවා. සාමාන්‍ය ජීවිතය අවුල් වෙනවා. ඉතින් දැන ගන්න පුළුවන් කම තිබ්බත් අපි අර නොදැනුම ඇතුලේ ඉන්නවා. ඒක ඒ නිසා රැඩිකල් නොදැනුමක්. පැවැත්මට අවශ්‍ය නොදනුමක්. ඉතින් මේ
නොදැනුමට ඇති අනුරාගය (passion for negligence) නිසා අපි විසින් ගනු ලබන තීරණ අගතිගාමී විය හැකියි. එහෙම උනත් අපි ඒ අගතිය ඇතුලේ ම ඉන්නවා.
මෙහෙම අගතියක් තමයි වර්තමාන දේශපාලන ඇතුලේ හොරු හිටියට අපි ඒ හොරකම් ගැන නොදන්නවා වගේ ඉන්න එක. විශේෂයෙන් ඒ හොරු අපේ පැත්තේ අය නම් - අපේ පක්ෂයේ අය නම් - අපේ වර්ගයේ එකෙක් නම් අපි එතැනදී නිශ්ශබ්ද වෙනවා. දෙපැත්තේම ඉන්නේ හොරු කියල කවුරු හරි කිව්වොත් අපිට තවත් අමාරුයි. මොකද අපි ඉන්න ආස දෙපැත්තට බෙදිලා නිසා. නිදහසෙන් පස්සේ හිටියෙත් එහෙමයි. අපි හිතනවා අනික් පැත්තේ විතරයි හොරු ඉන්නේ කියල අපේ පහසුවට. නැත්නම් ආතතියක් එනවා 'අපේ පැත්තේ' අයගේ කුණු එළිදරව් උනොත්. එයින් බේරෙන්න අපි අනික් පැත්තේ අයට වරද පටවනවා. එතකොට විතරක් මේ ක්‍රමය ඇතුලේ ඔහේ ඉන්න පුළුවන්. ඒ කියන්නේ මේ දෙපැත්තට බෙදිලා අනික් පැත්තට බෝලේ පාස් කරන එක මානසික සංකීර්ණයක්. ඒක නිසා හිරුණිකා කියනවා 'අපේ මිනිස්සු පව්' කියල. මොකද එයාට තේරෙනවා ඇත්ත වහල් භාවය පවත්වා ගෙන යන්න මේ දෙපැත්තට බෙදිලා බොරුවට ගහ ගන්න එක අතිශයින් උවමනා කරලා තියනවා අපේ සමාජයේ කියල. එක අතකට අපි ගැන පව් කියලා හිරුණිකා කිව්වට පස්සේ මට හිතෙනවා ලෝකය වෙනස් කරන්න බය අපිත් එක්ක ඉන්න ඔයා පව් කියලා හිරු. සියවස් ගණනක් කුණු වෙච්ච පිරිමි ආත්මය ඇහැරවන්න ඔයාගේ පාර්ලිමේන්තු කතාවට එදා පුළුවන් උනාද මම දන්නේ නැහැ.
'උනුත් එකයි මුනුත් එකයි' වගේ ඇත්තම ඇත්තක් අපිට ජීර්ණය කර ගන්න බැහැ. මේ ඔක්කොම වැඩක් නැහැ කියල හිතුවොත් අපිට පිස්සු හැදෙයි කියල අපි බයයි. පිස්සු හදා ගන්න තරම් ගට් එකක් අපිට නැහැ. ඉතිං මේ 'මඟ හැරීම' අපි කරන්නේ අපේ සාමාන්‍ය සිහිය පවත්වා ගැනීම වෙනුවෙන්. මේක රැඩිකල් වැඩක්. ඒ කියන්නේ ඇත්ත මඟ හැරීම රැඩිකල් දෙයක්. උනුයි මුනුයි දෙගොල්ලොම අතහැරලා අපි නොදන්නා අලුත් ම දෙයක් වෙත යන එක යම් ආතතියක් දනවන දෙයක්. අපි බයයි කොලොම්බස් වගේ ලෝකයේ කෙලවර දක්වා යන්න. නොදන්නා ගමනාන්තයක් වෙත යන්න. එහෙම යන්න උත්සාහ කරන අයට. අපි කොලොම්බස් ගේ නැවට නගින්න බයයි පෙරදිග සමාජයක් හැටියට. අලුත් අත්හදා බැලීමක් කරන්න බයයි. ගැහැණිය වෙනස් කරන්නත් බයයි. ගැහැණියක් හැටියට හිරුණිකා ට මේක තේරෙනවා වෙන්න පුළුවන්. මොකද ගැහැණිය ආසයි නොදන්නා ගමනක් යන්න. එයා එහෙම යමු කියල අපිව පොළඹවනවා. 'මොකක්ද අනේ ගාට ගාට යන්නේ යමුකෝ පොඩ්ඩක් පාගලා..'. අපි යනවා එතකොට දිල් තෝ පාගල් හේ කියල. ගැහැණිය වෙනස් කරන්නේ නැතුව ලාංකික අපිට අනාගතයක් නැහැ කිව්වේ රොහාන් පෙරේරා. ඒ කියන්නේ වෙනස් වෙන්න ඕනි අවිඥානික එකතැන පල්වීම.
ඇත්ත කියන ගෑණු අයට අපි කැමති නැහැ. ඇත්තම ඇත්ත කියන මාධ්‍ය කාරයින්ටත් අපි ආස නැහැ. මොනවා හරි ෆැන්ටසි ටිකක් කොතනක හරි තොරොම්බල් කරනවා නම් අපි ඒ වටා රොද බඳිනවා. ඒක මිනිස් ස්වභාවය. දේශපාලනය කියන්නේ මේ මිනිස් ස්වභාවය වෙනස් කරන එකට. ලෙනින් කිව්වේ ඒකයි කුසීත මිනිසා සක්‍රීය උනාට පස්සේ මේ අහස යට ඕනි දෙයක් වෙන්න පුළුවන් කියල. දැන් තියෙන්නේ පශ්චාත් මිනිසා වෙනස් කිරීමේ අභියෝගය.
අපි අකමැති උනාට මේ 'දෙගොල්ලොම එකයි' නම් සත්‍යය එළිදරව් වීම නිසා ඇතිවන 'ආත්මීය ආතතිය' (subjective anxiety) ඉතාම අත්‍යවශ්‍ය කොන්දේසියක් වෙනවා අපට නිර්මාණශීලී වීමට නම්. අලුත් පාරක් කපා ගන්න නම්. මෙච්චර කල් අපිව වසා පැතිර සිටි අඳුර දුරලන්න නම්. අපි තුල මුල් බැහැගෙන තියන 'සක්‍රීය නොසැලකිල්ල' (active ignorance) පලවා හරින්න නම්. එහෙම පලවා හැරලා අළුත් පාරක යන්න නම්...
රන්ජන් නම් සත්‍යය අපිට වැදගත් වෙන්නේ මේ නිසා.
'ඇත්තම ඇත්ත කියන්නේ ක්ෂිතියක් තමයි. හැම පුද්ගලයෙක් ම ඇත්ත තොරතුරු වලින් රැඩිකල් ලෙස විසන්ධි වෙන්න උත්සාහ කරනවා තමයි. හැබැයි ඒ ඇත්ත ඔස්සේ එන තිත්ත තමයි අනාගත බලාපොරොත්තුවක ආරම්භය වෙන්නෙත්'.
(Renata Salecl)