කැලණිය ප්‍රාදේශීය සභාව හොරට ප්ලෑන් අනුමත කිරීමේ ජාවාරමක

පොහොට්ටුව විසින් පාලනය කරනු ලබන කැලණිය ප්‍රාදේශිය සභාව විසින් සැලැසුම් හා ගොඩනැගිලි රෙගුලාසි කඩකරමින් අඳිනලද ගොඩනැගිලි සැලැසුම් මුදල් ලබාගනිමින් අනුමත කිරීමේ ජාවාරමක් සිදුකරමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව, එජාප රජය සමයේදී නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකිරීම් තහනම් කරන ලද කැලණිය පෙතියාගොඩ ඉන්ධන පිරවුම් හලේ වැඩ නැවත ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ. 

 ඊට අනුමැතිය ලබා දී ඇත්තේ ද කැලණිය ප්‍රාදේශීය සභාව විසින් බව පැවසේ.

 වාද්දූවේ තුෂාර හා ජනා ඉඩම් ජාවාරමක

 මේ අතර, වාද්දූවේ තුෂාර ගුණතිලක නම් දොස්තරවරයකු හා කැලණිය ප්‍රදේශීය සභාවේ වැඩ අධිකාරී (සැලැසුම්) ජේ. ලියනගේ හෙවත් “ජනා" නැමැත්තා විසින් සිදුකරගෙන යනු ලබන තවත් ඉඩම් ජාවාරමක් පිළිබඳ තොරතුරුද හෙළිව තිබේ.

 ගොඩනැගිලි සැලැසුම් සඳහා අනුමැතිය ලබාගත නොහැකි ඉඩම් දොස්තරවරයා විසින් මිලදී ගෙන ජනා ලවා ඒවාට හොර ප්ලෑන් අනුමත කර ඒවායේ ගොඩනැගිලි තනා පරිහරණය කරමින් සිටින බව වාර්තා වේ.

 ජනා නැමැත්තා මේවන විට රුපියල් මිලියන 20කට අධික වටිනාකමක් ඇති නිවසක් තනමින් සිටින බවද වාර්තා වේ.

 ඔවුන්ගේ අලුත්ම ගොදුර බවට පත්ව ඇත්තේ කැලණිය වරාගොඩ ප්‍රධාන පාරට මුණලා ඇති පර්චස් 3ක ඉඩමකි. 

 එහි පෙර හිමිකරුවන විමල් වීරසේකර නැමැත්තාගේ නමට අදාළ හොර සැලැසුම අනුමත කරවාගෙන එහි ඉදිකිරීම් කටයුතු වාද්දූවේ තුෂාර ගුණතිලක නම් දොස්තරවරයා විසින් සිදුකරමින් සිටී.

 මේ සම්බන්ධයෙන් යාබද නිවසේ හිමිකරුවන එල්.එස්. රොඩ්රිගෝ නැමැත්තා විසින් ප්‍රාදේශීය සභාවේ සභාපතිනියට පැමිණිල්ලක් යොමුකර ඇති අතර මීට පෙර එම ඉඩමේ හිමිකරුව සිට ඇත්තේ ඔහුය. ඔහු මේ සඳහා කැලණිය ප්‍රාදේශීය සභාවෙන් ගොඩනැගිලි සැලැසුමක් අනුමත කර ගැනීමට උත්සාහ කළ ද ඊට ප්‍රාදේශීය සභාව අවසර ලබාදී නොමැත.

 අදාල සැලැසුමට අනුමැතියදී ඇත්තේ සංවර්ධන බලපත්‍රයක් මගින් බවද පැවසේ.

 කෙසේවුවද, ඔහු පෙන්වාදෙන්නේ ප්‍රාදේශීය සභාවට එවැනි සංවර්ධන බලපත්‍රයක් ලබාදීමට හැකියාවක් නොවන බවයි. 

 සංවර්ධන බලපතක් ලබාදීමට නම් එම ඉඩම් කොටස 2001 ට පෙර සිට පර්චස් තුනක ඉඩම් කොටසක් ලෙස පැවැතිය යුතු බවද පැවසේ.

 කෙසේවුවද, අදාළ ඉඩම පර්චස් තුනකට කට්ටි කොට ඇත්තේ 2002-06-08 වැනිදා බව ඔහු සිය ලිපියෙන් පෙන්වා දී තිබේ. (ඊට අදාළ පිඹුරේ ඡායාරූපය අමුණා ඇත)

 එම ප්‍රාදේශීය සභාවේ තොරතුරු නිලධාරිනිය වන එල්.ඒ. මංජුලා සමන්ති මහත්මියද  එය සනාථ කර තිබේ.

PLAN 002

                                                         පර්චස් තුනකට කට්ටිකරන ලද පිඹුරේ පිටපත

IMG 2829                                                            බලය ලත් මිනින්දෝරු තැන විසින් මේ කොටස කට්ටි කරනු ලැබුවේ 2002 - 06 - 08 බවට යෙදූ සටහන

 එසේම, මේ ඉඩම කැලණිය වරාගොඩ ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇති අතර සාමාන්‍ය නීතිවලට අනුව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අවසර හිමිවනුයේ එම මාර්ගයේ මැද සිට අඩි 40ත් 50ත් අතර දුකින් බවත් මේ සඳහා එම සාධකය ද වලංගුව නැතැයි එහි දැක්වේ.

 සේම පානීය ජලය ලබාගන්නා ළිඳක් වන්නේ නම් ඒ ආසන්නයේ කැසිකිළි වැසිකිළි වලවල් යෙදිය හැක්කේ මීටර් 50ක් දුරින් වන අතර මේ සැලැසුමට අවසර දී ඇත්තේ එම කරුණුද උල්ලංඝනය කරමින් බව එහි දැක්වේ.

 මේ සම්බන්ධයෙන් පැමිණිලි කරුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ. තමා ප්‍රාදේශීය සභාවේ සභාපතිනියට පැමිණිළි කළ බවත්, ඇය පසුව මෙය අත්හිටුවීමට නියෝගයක් කර අත්හිටුවද යළිත් එහි කටයුතු ආරම්භ කර ඇති බවයි.

 මේ සම්බන්ධයෙන් තමා පොලිසියට හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර ඇති බවද ඔහු කියා සිටියේය.

 ඒ අතර, තොරතුරු දැනගැනීමේ පනත යටතේ එල්.එස්. රොඩ්රිගෝ නැමැත්තා විසින් කැලණිය ප්‍රාදේශීය සභාවෙන් කළ විමසීමකදී 424-1-B යන අංකයට අදාළ ඉඩම් කොටසට 2018.01.01. සිට 2019.12.31 දක්වා කාලයෙදී එම කාර්යාලයේ ගොඩනැගිලි අංශයෙන් සැලැසුම් අනුමැතියට ඉදිරිපත් කර නොමැති බවයි.

 එහිදී ගොඩනැගිලි සැලැසුමකට අනුමැතිය ලබාදීමට අවම පර්චස් 6ක් අවශ්‍ය බවත්, පර්චස් 6ට අඩු ඉඩමකට සංවර්ධන බලපතක් නිකුත් කිරීමට ද අනුබෙදුම් සිදුකරන ලද ඉඩම 2001 ට පෙර අනුබෙදුම් කළ ඉඩමක් විය යුතු බව කියා දක්වා තිබේ.

 අදාළ ලිපිය පහත දැක්වේ.

Pradeshiyasaba

Search