ඔන්න ඔහොමයි 3% කාන්තාවට සලකන්නේ - ගීතා කණස්සල්ලෙන් (VIDEO)

එවකට ඒකාබද්ධ විපක්ෂයෙහි 53 දෙනා අතරින් සක්‍රියව සිටි එකම මන්ත්‍රීවරිය තමන් වුවත් අද වනවිට ඉතිරි 52 දෙනාටම ඇමතිකම් ලැබී තමන්ට පමණක්

පසුපෙළට වී සිටින්නට සිදුවීම ඉතාම අසාධාරණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ පවසනවා.

"මම තමයි දකුණු පළාත නියෝජනය කරන එකම කාන්තාව. එදා 2015 මම මේ පාර්ලිමේන්තුවට ආවෙ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින්. අපි හිටියෙ කාන්තාවො තුන්දෙනයි. ඔය 3% වගේ තමයි. ඔය තුන්දෙනා ගෙනුත් අම්පාරෙන් ආපු මන්ත්‍රීතුමිය අම්පාරෙ සඳ බැස ගියා අනිත් පැත්තට. රත්නපුරේ මැණිකත් එහෙම්මම පාස්වුණා ඇමතිකමක් අරගෙන. ඉතුරු වුණේ මම විතරයි.

එදා ඒකාබද්ධ විපක්ෂෙට මේ පාර්ලිමේන්තුවේ කළුපටි බඳින්න කළුපටියක් ගේන්න කෙනෙක් හිටියෙ නෑ, ඒක ගෙනාවෙත් මම විතරයි එදා. ගොඩක් අය ගියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. ඒකට වැරැද්දක් කියන්නෑ. මටත් කතා කළා, අදත් මම ස්තූතිවන්ත වෙනවා.

අර 53 දෙනෙක් හිටියා මන්ත්‍රීවරු අපේ ඒකාබද්ධ විපක්ෂයේ. 53 වෙනියා මම. ඒ 52ක් දැන් ඇමතිවරු. මම ඉන්නවා පිටිපස්සේ. ඔන්න ඔහොමයි 3% කාන්තාවට සලකන්නේ. මම ඉල්ලා හිටිනවා දේශපාලනයේ නාමයෙන්, උඩ ඉන්නවා දෙවිවරු, it was very unfair"

Search