"අද රට මේ තරම් පස්සට යන්න හේතුව පුද්ගලික න්‍යාය පත්රවලට වැඩ කරන එක."
දේශපාලකයෝ තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර අනුව ක්‍රියා කරමින් සිටින නිසා රට ආපස්සට ගොස් ඇති බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පවස යි.
පවතින දේශපාලන තත්වය පිළිබඳ අදහස් පළ කරමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ වත්මන් රජය නිසි ආකාරව ක්‍රියාත්මක නොවුනොත් ඊළඟ මැතිවරණයේ දී ජනතාව පෙරට වඩා දරුණු තීරණයක් ලබාදෙනු ඇති බවයි.
"අද රට මේ තරම් පස්සට යන්න හේතුව පුද්ගලික න්‍යාය පත්රවලට වැඩ කරන එක. දේශපාලකයෝ හැටියට අපිට පුද්ගලික න්‍යාය පත්‍ර තියෙන්න බැහැ. පුද්ගලික න්‍යාය පත්‍ර ඉස්මතු වෙනකොට මෙතන කඩාගෙන වැටීමක් වෙනවා. ඒ කඩාගෙන වැටීම අපි දැක්කා පහුගිය මැතිවරණවලදී 2010 ජයග්‍රහණය 2015 දී කණපිට හැරෙනවා. 2015 ජයග්‍රහණය 2020 දී කණපිට හැරෙනවා. 2020 ජයග්‍රහණයත් කණපිට හැරෙන්න පුළුවන් අපි හරියට ක්‍රියාත්මක නොවුණොත්. අපි හරියට ක්‍රියාත්මක නොවුණොත් ඊළඟ මැතිවරණයේ ජනතාව මිට වැඩිය දරුණු තීරණයක් අපිට දෙන්න පුළුවන්."