ජපාන, ටොකාරා දූපත් ආශ්‍රිතව සති දෙකකදී භූමි කම්පා 900ක්

ජපාන, ටොකාරා දූපත් ආශ්‍රිතව සති දෙකකදී භූමි කම්පා 900ක්

ජපානයේ ටොකාරා දූපත් අවට මුහුදු කලාපයේ පසුගිය දෙසතිය තුළ භූකම්පන 900කට වඩා වැඩි ප්‍රමාණයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

මේ හේතුවෙන් එම කලාපයේ ජීවත් වන පුද්ගලයින්ට දැඩි ව්‍යාකූල තත්ත්වයකින් මෙන්ම රාත්‍රී කාලය පුරා අවදියෙන් සිටීමට සිදුව ඇති බවයි එම වාර්තා අනාවරණ කරන්නේ.

ජපාන බලධාරින් පවසා ඇත්තේ ජූනි 21 වනදා සිට ටොකාරා දූපත් අවට මුහුදේ භූකම්පන ක්‍රියාකාරකම් ඉතා ක්‍රියාකාරී වී ඇති බවයි.

අද දිනයේද එම කාලපයේ රික්ටර් මාපාංග ඒකක පහයි දශම පහක භූකම්පනයක් සිදුව තිබෙනවා.

කෙසේවෙතත් එම භූකම්පන හේතුවෙන් හානි සිදුවීම් පිළිබඳ තොරතුරු වාර්තා වී නොමැති අතර සුනාමි අනතුරු ඇගවීමක් ද නිකුත් කර නැහැ.

ජපානය, පෘතුවියේ වඩාත්ම භූකම්පන ක්‍රියාකාරී කලාපයක පිහිටි රටක් ලෙසයි සැලකෙන්නේ.

සාමාන්‍යයෙන් භූමිකම්පා 1,500ක් පමණ ජපානය ආශ්‍රිත කලාපය සිදුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ

Search