පරිසර විනාශය බොරුවක්: නීතිමය පියවර ගන්න බව රජය කියයි
පරිසර විනාශය ගැන අසත්‍ය පුවත් පතුරවන්නන් එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය තීරණය කර තිබෙනවා.
රක්ෂිත වනාන්තර ගිනි තබා විනාශ කරන්නේ යයි සහ ස්වභාවික කැලෑවල පිහිටි ගස් කපා හෙළන්නේ යයි අසත්‍ය වාර්තා මඟින් හුවා දක්වන බවත් මෙය, අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රබන්ධ කොට සමාජගත කිරීමේ මෙහෙයුමක් යැයි හඳුනාගෙන ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.
මහවැලි අධිකාරියට අයත් “එච්” කලාපයේ, අනුරාධපුර, ඉහලතලාව වැව ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් පළ වූ පුවතක් ගැන කරුණු දක්වමින් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අසත්‍ය පුවත් නිර්මාණය කරන්නන් හඳුනාගෙන ඔවුනට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය තීරණය කර ඇති බව යි.