නීති විරෝධී ක්‍රියාකාරකම්වලින් උපයා ගත් රුපියල් මිලියන 59කට අධික මුදලක් බැංකු ගිණුම් වල හා ස්ථාවර තැන්පතුවල තැන්පත් කර තැබීම ඇතුළු චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ විත්තිකරුවන් වන යෝෂිත රාජපක්ෂ හා ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස් යන දෙදෙනාට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අභයරත්න මහතා ඉදිරියේදී ඊයේ අධි චෝදනා භාරදෙනු ලැබීය
එම විත්තිකරුවන් දෙදෙනා රුපියල් මිලියන 2 බැගින් වූ ශරීර ඇප බැඳුම්කර මත මුදා හැරීමට නියෝග කළ විනිසුරුවරයා විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන පෙර වැරදි වාර්තා කැඳවීමටද නියෝග කළේය. එම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ලබන අගෝස්තු 4වෙනිදා කැඳවීමටද විනිසුරුවරයා නියෝග කළේය
දෙහිවල හා රත්මලානේ කෝටි 8ක අයථා වත්කමට අමතරව ඩේසි ආච්චිගේ සහ යෝෂිතගේ ගිණුම්වල කෝටි 6ක්
