ඊශ්‍රායලය සහ ඉරානය අතර සතියක් පුරාවට පැවති යුද ගැටුම් හේතුවෙන් ඉරානය විසින් තෙල් ප්‍රවාහනය කරන ජාත්‍යන්තර මුහුදු මාර්ගයක් වන හෝමෝ සමුද්‍ර සන්ධිය වසා දැමූ හොත් ශ්‍රී ලංකාව ඇතුළු ඉරානයෙන් ලබාගන්නා රටවල් රැසකට ඉන්ධන අර්බුදයක් ඇති විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි..
යුද ගැටුම් තවත් සංකීර්ණ වුවහොත් බොහෝ දුරට එම සමුද්‍ර සන්ධිය ඉරානය විසින් වසා දැමිය හැකි බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ලෝක බොර තෙල් සැපයීමෙන් සීයට නමයක් ඉරානය නිෂ්පාදනය කරන අතර දිනකට එම ප්‍රමාණය බැරල් ලක්ෂ හතලිහක් බව සඳහන්ය.
උද්ගත විය හැකි තෙල් අර්බුදය සම්බන්ධයෙන් පසුගියදා මෙරට රජය නිවේදනය කළේ මාස දෙකකට සෑහෙන්න තෙල් සංචිත ඇති බවක් කිසිදු තෙල් අර්බුදයක් නොමැති බවත්ය.
එසේම කෑන් වලට තෙල් ගැනීම තහනම් කරන ලැබුවේ අනවශ්‍ය ලෙස ජනතාව තෙල් පුරවා ගැනීම හේතුවෙන් බවය.
කෙසේ වෙතත් දැනට විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට පසුගිය දින කීපයක්ම ඉරානය ඊශ්‍රායෙ දැඩි ප්‍රහාරවලට ලක්වී ඇතත් ඉන් පසුව දැන් දැන් ප්‍රතිප්‍රහාර හමුවේ ඉරානයේ බලගතු මිසයිල ඊශ්‍රායලය කරා මුදා හැරීමට තීන්දු කර ඇත.
දෙපාර්ශවයේම ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලයේ ජෙරුසර මහා ඉරානයේ ටෙහෙරාන් අග නුවර දැඩි අලාභ හානියකට ලක්වී ඇත