කැසිනෝ තහනම ඉවතට....මැෂින් ගේන්න අවසර

කැසිනෝ තහනම ඉවතට....මැෂින් ගේන්න අවසර

ආනයනය කිරීම නතර කර තිබූ කැසිනෝ මැෂින් හා ගේම් මැෂින් නැවත ආනයනය කිරීම් සඳහා අවසර ලබා දී ඇති බැව් රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමේදී අනාවරණය විය .

කැසිනෝ පනත යටතේ ලියාපදිංචි බලපත්‍ර ලබාගෙන ඇති කැසිනෝ ව්‍යාපාරිකයින්ට පමණක් එම ව්‍යාපාරිකයින්ගේ කර්මාන්ත සඳහා කැසිනෝ මැෂින් සහ අනිකුත් සංචාරක ස්ථානවල තිබෙන ගේම් එකින් ගෙන්වීමට අවසර ලබාදී ඇත.

කැසිනෝ නියාමන පනත ළඟදීම ගෙන ඒමට ඇති බැවින් බලපත්‍ර ලබාගෙන ඇති කැසිනෝ ව්‍යාපාරිකයින්ට ආනයනය කිරීමට අවසර ඇත්තේ කුමන කැසිනෝ මැෂින්ද ආනයනය කිරීමට නොහැකි කුමන කැසිනෝ මැෂින්ද  යන්න පිළිබඳ තොරතුරු තිබිය යුතු බව මෙහිදී රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.

ආනයනය කරනු ලබන්නේ කුමන කැසිනෝ මැෂින් වර්ගයද ඒවා ආනයනය කරනු ලබන්නේ කවුද යන්න පිළිබඳව රේගුව විසින් තොරතුරු ලබා ගත යුතු බවද මුදල් කාරක සභාවේ සභාපතිවරයා විසින් එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත

Search