රට පත්ව ඇති අර්බුදයෙන් ගොඩ ඒමට හැකි බවත් අර්බුදයෙන් ගොඩ ඒමට තමන් සතුව පුළුල් වැඩ පිළිවෙලක් ඇති බව 43 සේනාංකය පවසනවා.
43 සේනාංකයේ මහනුවර දිස්ත්‍රික් තරුණ අංශයේ සම්බන්ධීකාරක මාධව පල්ලෙවත්ත මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් කියා සිටියේ පසුගාමී සිතිවිල්ලකින් අර්බුදයට මුහුණ දෙනවට වඩා නිසි කළමනාකාරීත්වයකින් මුහුණ දුන්නොත් අර්බුදයෙන් ගොඩ ඒමට හැකි බවයි