ශ්‍රී ලාංකික වෘත්තිකයන් ජන අරගල භූමියේදී ප්‍රඥප්තියක් එළි දක්වයි (VIDEO)

ශ්‍රී ලාංකික වෘත්තිකයන් පිරිසක් සකස් කළ ප්‍රඥප්තියක් ඊයේ (17) දින ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ජන අරගල භූමියේදී එළි දක්වන ලදී.

 

රටෙහි සහ ජනතාවගේ අභිවෘධිය සඳහා වෘත්තිකයන් සතුව සුවිශේෂී වූ වගකීමක් ඇති බව වටහා ගනිමින්, මේ වගකීම පැහැර නොහැර ඉටුකිරීමට අපට ඇති බාධකයන් ඉවත් කරගැනීම් වස්, රටේ අනාගත පුරවැසියන්ට යහපත්, සුරක්ෂිත දේශයක් ගොඩනැගීම තම අරමුණ බව එම ශ්‍රී ලාංකික වෘත්තිකයන් පිරිස අවධාරණය කර සිටියි.

මෙම අවස්ථාවට විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, මහාචාර්ය ඉන්දික කරුණාතිලක, ඉංජිනේරු සුමේධ රත්නායක, ඉංජිනේරු සුරත් සෙනෙවිරත්න ඇතුළු වෘත්තිකයින් පිරිසක් සහභාගි විය.

theleader.lk

Search