මෙරට සිදුවන සියලු අපරාධ, අකටයුතුකම්, අයුක්තිය සම්බන්ධයෙන් ඔබේ හෘද සාක්ෂිය ඔබට කතා කරනවා ද?
ඔබ පවතින්නේ ඒ හෘද සාක්ෂියට අනුකුලව ද? නැතිනම් පුද්ගලික න්‍යාය පත්‍රයන් වෙනුවෙන් පමණක් ද? යන්නට ගරු ජුලියන් පැට්‍රික් පියතුමා විසින් මෙරට දේශපාලන නායකත්වයෙන් ප්‍රශ්න කර සිටිනවා.
පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වී මාස 25ක් සැපිරුණු මැයි 21 වැනි දින මරදාන සමාජීය සහ සාමයික කේන්ද්‍රයේ දී පැවැත්වුණු සම්මන්ත්‍රණයේ දී අදහස් දක්වමින් පියතුමා වැඩිදුරටත් කියා සිටියේ,
"රටක දේශපාලන නායකත්වයට හෘද සාක්ෂියක් නැති වුණොත් ඒ රටට පැවැත්මක් නැහැ, අනාගතයක් නැහැ, රටේ ජනතාවට නිදහස කියලා දෙයක් නැහැ, යුක්තිය සාධාරණත්වය කියන දේ ඉටුවන්නේ නැහැ." යනුවෙනි.