අව්වේ වේලෙමින්, වැස්සේ තෙමෙමින් රටේ බහුතර ජනතාවට අද ඩීසල් පෝලිම්වල, බෙහෙත් පෝලිම්වල, ගෑස් පෝලිම්වල දුක් විඳින්නට සිදුව ඇත්තේ මුදල්
අමාත්‍යවරයාගේ වරදින් යැයි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නියෝජිතයන් සමග අද (16) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
ජනතාව පෝලිම්වල රැදී සිටිමින් සිදුකරන අදෝනාවල වගකීමද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ භාර ගත යුතු බවයි හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.