කහතුඩුවේ වෙඩි හුවමාරුවක්.. අයෙක් මරුට…

කහතුඩුවේ වෙඩි හුවමාරුවක්.. අයෙක් මරුට…

පසුගිය ජූලි 18 වන දින දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කර සිදුකළ වෙඩිතැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු අද (25) අලුයම පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකින් මියගොස් ඇත.

STF නිලධාරීන් අද අලුයම 4:30 ට පමණ කහතුඩුව, පාලගම, කැදැල්ඕවිට ප්‍රදේශයේ පාළු නිවසක් පරීක්ෂා කර තිබේ.

එහි සැඟව සිටි සැකකරු STF නිලධාරීන් වෙත වෙඩි තබා ඇත.

ඉන් අනතුරුව, STF නිලධාරීන් ද සැකකරුට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර, එහිදී වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු මියගොස් තිබේ.

මෙම සිද්ධියෙන් තුවාල ලැබූ එක් STF නිලධාරියෙකු කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

මියගිය සැකකරුගේ දේහය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වෑතර රෝහලේ තැන්පත් කර ඇත

Search