මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (MRIA) මෙහෙයුම් සහ යටිතල පහසුකම් සංවර්ධනය පිණිස පෞද්ගලික අංශයේ නව ආයෝජන කැඳවීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර ඇත.
මෙම ක්‍රියාවලිය විධිමත් කිරීම සහ භාවිතයට නොගෙන ඇති මෙම පහසුකම සඳහා නව ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කළේය.
පෙර අවස්ථාවක, ගුවන් තොටුපළ මෙහෙයුම් රුසියානු-ඉන්දීය හවුල් ව්‍යාපාරයකට පැවරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබුණද, පසුව එම ගිවිසුම අත්හැර දමන ලදී.
ඊට හේතුව වූයේ අදාළ පාර්ශ්වයක් එක්සත් ජනපද සම්බාධකවලට යටත්වීම නිසා ජාතික ගුවන් සීමාවේ ස්වෛරීභාවය පිළිබඳ ගැටලු මතුවීම සහ එම නිසා රජය එම ගිවිසුමෙන් ඉවත් වීමයි.
නව ආයෝජන කැඳවීම හරහා ලැබෙන සියලු යෝජනා රජය විසින් ඉතා ප්‍රවේශමෙන් ඇගයීමට ලක් කරන බවත්, ගුවන් තොටුපළ පුනර්ජීවනය කිරීම සඳහා සුදුසු ආයෝජකයින් තෝරා ගන්නා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
පුනරුද ආණ්ඩුව මත්තල ගුවන් තොටුපළත් විකුණයි
