සමගි ජන බලවේගයේ නායකත්වයේ හෝ විපක්ෂ නායක ධූරයේ කිසිදු වෙනසක් සිදු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පවසයි.
සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගයේ නායකත්වයෙන් හෝ විපක්ෂ නායක ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධව පක්ෂයේ තීන්දු තීරණ ගන්නා ස්ථරවල සාකච්ඡාවක්වත් පවත්වා නැති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක කාර්යාලයේ අද (24 )පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළ රෝහණ බණ්ඩාර මහතා තවදුරටත් කියා සිටියේ සමගි ජන බලවේගය අභ්‍යන්තරයේ ප්‍රශ්න ඇති කිරීමට කිසියම් පාර්ශවයක් උත්සාහ කරන බවයි.
වත්මන් ආණ්ඩුව රටේ සම්පත් කුණු කොල්ලයට විකුණා දමමින් රටේ තැන තැන වෙඩි තබමින් භීෂණ සංස්කෘතියක් ඇති කර තිබෙන බවත් ආණ්ඩුවේ මේ විනාශකාරී පාලනයට එරෙහිව හඬ නඟනවා වෙනුවට විපක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂ සහ ඇතැම් මාධ්‍ය ආයතන සමගි ජන බලවේගය අභ්‍යන්තරයේ නැති ප්‍රශ්න ඇති බව පෙන්වීමේ උත්සාහයක නිරතව සිටින බවට ඒ මහතා චෝදනා කළේය.
රටේ ප්‍රශ්නවලට විසඳුම් දිය නොහැකි වත්මන් ආණ්ඩුව සමගි ජන බලවේගය අභ්‍යන්තරයේ ප්‍රශ්න මතු කිරීමට උත්සාහ කරන බවත් ආණ්ඩුවට හිතැති විපක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂ ඊට සහයෝගය දක්වන බවත් රෝහණ බණ්ඩාර මහතා පවසයි.
සමගි ජන බලවේගයේ ප්‍රශ්නයක් තිබෙනවා නම් එය අභ්‍යන්තරව සාකච්ඡා කර විසඳා ගන්නා බව පෙන්වා දෙන ඒ මහතා පක්ෂයේ නායකත්වය හෝ විපක්ෂ නායක ධුරයේ වෙනසක් සිදු කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පෝ කළමනාකාර කමිටුවේ
සාකච්ඡාවට බඳුන්වී නැති බව වැඩිදුරටත් පැවසීය.
සමගි ජන බලවේගය අභ්‍යන්තරයේ ප්‍රශ්න ඇති කිරීමට කිසියම් පාර්ශවයක් උත්සාහයක ... සජබ නායකත්වයේ හෝ විපක්ෂ නායක ධූරයේ කිසිදු වෙනසක් නැ– රෝහණ බණ්ඩාර !
