රාජපක්ෂ සත්කට්ටුවට, ආණ්ඩුවේ ඇමති මණ්ඩලයට අනුර අමතයි (VIDEO)

ගෝඨාභය, මහින්ද, බැසිල්, නාමල්, චමල්, ශෂේන්ද්‍ර, නිපුන යන පිරිස හදාගත් සත් කට්ටුවේ ආණ්ඩුව මේ රටේ ජනතාව හැම අතින්ම පීඩාවට පත්කර තිබෙන

බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

තංගල්ල ජන බල රැළියට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.

"රටේ ඇමැතිවරු ජනතාවට ප්‍රශ්නය ඉදිරිපත් කරන මට්ටමට වැටිලා. මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ආර්ථික අර්බුදය ගැන රටට කියන්න ඕනෑ. හැබැයි මුදල් ඇමැති බැසිල් කසාය බීපු ගොළුවා වගේ ඉන්නවා. මෙවැනි අර්බුදයක් වෙලාවකදී රටක පාලකයන් අර්බුදයේ ස්වභාවය පැහැදිලි කර විසඳුම් සැලැස්ම ඉදිරිපත් කරන්න ඕනෑ. හැබැයි මුදල් ඇමැති පාර්ලිමේන්තුවට එන්නෙත් නැහැ. මතුවී තිබෙන ප්‍රශ්න ගැන කිසිම දෙයක් කියන්නේ නැහැ. හිරිවැටිලා ඉන්නේ. ජනාධිපතිවරයා ඉන්න මිරිහානේ ලයිට් කපන්නේ නැහැ. බලශක්ති ඇමැතිගේ නිල නිවාසයට මහජන මුදලින් ජෙනරේටර් ගේනවා. වාහන දුවන්න තෙල් නැති අතරේ අගමැති ජෙට් අරගෙන තිරුපති යනවා. මේක රට හෝ ජනතාව පිළිබඳව කිසිදු සංවේදීතාවක් නැති ආණ්ඩුවක්. ඒ නිසා මේ ආණ්ඩුව පලවා හැරිය යුතුමයි."

Search