අපි සාකච්ඡාවට සූදානම් - (GMOA)

අපි සාකච්ඡාවට සූදානම් - (GMOA)

ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමට සහ දුෂ්කර සේවා ස්ථාන මාරු ලැයිස්තුවට දේශපාලන තීන්දු තීරණ හරහා සිදු කරන ලද අක්‍රමිකතාවන්ට විරෝධය දක්වමින්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දියත් කරන ලද දීප ව්‍යාප්ත වැඩ වර්ජන සහ වෘත්තීය ක්‍රියා මාර්ග මාලාව තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) සඳහන් කරයි.

ඔවුන් මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර මෙම ගැටලු පිළිබඳ සාකච්ඡාවක් එළඹෙන 09වන දින පැවැත් වීමට නියමිත බවත්, එහිදි පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමේ ලැයිස්තුවට සහ දුෂ්කර සේවා ලැයිස්තුවට අදාල ගැටලු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය වෛද්‍ය ප්‍රභාත් සුගතදාස ගේ අත්සනින් යුත් එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වේ.

මතු පළ වන්නේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA)  විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.  

gmoa1

Search