ඇපල් මිදි ඇත, තෙල් නැත.. පිටරට මීපැණි ඇත, ඒත් ඖෂධ නැත.. - ගම්මන්පිලගෙන් ප්‍රහාරයක් (VIDEO)

තමන් ද පර්ශ්වකරුවෙක් වන ආණ්ඩුව දැන් කළ යුත්තේ ඉන්ධන සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා සීමිත විදේශ විනිමය වැය කිරීම වෙනුවෙන්

ප්‍රමුඛතාවය ලබාදීම බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

"ආණ්ඩුව දැන් කළ යුත්තේ.... ප්‍රමුඛතා හඳුනා ගනිමින් ඇපල් මිදී දොඩම් කාලා කළුවරේ ඉන්නවද පිටරටින් වතුර බීලා වාහන දුවන්න තෙල් නැතුව ඉන්නවද නැතිනම් ඒවාට කැපකිරීම් කරලා අත්‍යවශ්‍ය භාණ්ඩ වන ඖෂධ සහ ඉන්ධනවලට අපේ සීමිත විදේශ විනිමය වැය කිරීම දී ප්‍රමුඛත්වය දෙනවා ද කියන ප්‍රශ්නය ගැන තීන්දුවක් ගත යුතුමයි."

Search