නීතිපති අන්තිම මොහොතේ මෙහෙම කිව්වේ ඇයි කියලා දන්නේ නැහැ - සරත් වීරසේකර (VIDEO)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනවලට අදාලව උධෘත 08 ක් මීට මාස කිහිපයකට ඉහතදී නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවත්, එසේ තිබියදී අවසන් මොහොතේදී නීතිපතිවරයා මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීමේ හේතුව කුමක්ද යන්න තේරුම් ගත‍ නොහැකි බව මහජන ආරක්ෂාව භාර අමාත්‍ය සරත් වීරසේකර පවසනවා.

පොලීසිය පැත්තෙන් විමර්ශනවලට අදාල කාර්යභාරය අවසන් වී ඇති බවත්, දැන් තිබෙන්නේ ඉන් ඉදිරියට අපරාධ චෝදනා ගොනු කිරීම ඇතුළු කටයුතු බවත් ඇමතිවරයා පවසනවා. වත්මන් නීතිපතිවරයාගේ විශ්‍රාම යාම ඊට කිසිදු බාධාවක් නොමැති බවද වීරසේකර සඳහන් කරනවා. සෙසු නිළධාරීන් සියලු දෙනා ඉදිරියටත් නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින බැවින් එම කටයුතු අඛණ්ඩව ඉදිරියට ගමන් කරනු ඇති බව ඇමතිවරයා වැඩිදුරටත් පවසනවා.

වත්මන් නීතිපතිවරයා මැයි අගදී විශ්‍රාම යාමට නියමිත අතර ඔහු ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ තම ධුර කාලය තුළදී පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට නොහැකි වනු ඇති බවයි.

Lanka News Web

Search