මාධ්‍යවේදී මයිල්වාගනම් නිමලරාජන් ඝාතනය සම්බන්ධයෙන් යළි පරීක්ෂණයක් ආරම්භ කර ඝාතකයින්ට නීතිය හමුවේ දඩුවම් ලබාදිය යුතු බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අවධාරණය කරනවා.
ඝාතකයින්ට නිදැල්ලේ සිටීමට ඉඩහැරීම ප්‍රජාත්‍රන්තවාදී සමාජයකට තර්ජනයක් බවයි අද (16) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය කියා සිටින්නේ.
එම නිවේදනය පහතින්,
මාධ්‍ය නිවේදනයයි!
මාධ්‍යවේදී මයිල්වාගනම් නිමලරාජන් ඝාතනය සම්බන්ධයෙන් යළි පරීක්ෂණයක් ආරම්භ කර ඝාතකයින්ට නීතිය හමුවේ දඩුවම් ලබාදිය යුතුයි.
මාධ්‍යවේදී මයිල්වාගනම් නිමලරාජන් ඝාතනය ගැන අත්අඩංගුවට ගත් සැකකරුවන්ට එරෙහිව තවදුරටත් කටයුතු නොකරන බව නීතිපතිවරයා යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇති අතර ඒ අනුව එම සැකකරුවන් එම චෝදනාවෙන් නිදහස් කර ඇත.
නීතිපතිවරයාගේ මෙම දැනුම් දීම හා ඒ අනුව සිදුවූ අධිකරණ කටයුත්ත පිළිබඳව අප සංගමය බලවත් වික්ෂිප්ත භාවයකට පත්වූ අතර ඒ සම්බන්ධයෙන් අපගේ බලවත් අවධානය යොමු වී ඇත.
ඊට හේතුව නීතිපතිවරයා මෙම දැනුම් දීම සිදුකරන්නේ මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර දශක දෙකකට පසුව වීමත්, මෙම කුරිරු ඝාතනයට අදාල වෙනත් සැකකරුවන් පිළිබඳව පරීක්ෂණ සිදුකළ යුතු බවට කිසිඳු සඳහනක් නොකිරීමත් හා ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට කිසිඳු දැනුම් දීමක් කර නොමැති නිසාත් ය.
ඒ අනුව දැන් මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කළ කිසිඳු සැකකරුවකු හෝ නැති අතර ඔහුව ඝාතනය කර නැති බවක්ද පෙන්නුම් කරයි. ඔහු සියදිවි නසා ගත්තාය යන්න තීරණය කිරීමට සලස්වා ඇත. මේ ආකාරයට ඝාතකයින්ට නිදැල්ලේ සිටීමට ඉඩහැරීම ප්‍රජාත්‍රන්තවාදී සමාජයකට තර්ජනයකි. එමෙන්ම එම අපරාධය මාධ්‍යයට එරෙහිව සිදුවී ඇති විට එය ජනමාධ්‍ය නිදහසට තර්ජනයකි.
මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාට හා පොලිස්පතිවරයාට අප අවධාරණය කරන්නේ මාධ්‍යවේදී මයිල්වාගනම් නිමලරාජන් ඝාතනය සම්බන්ධයෙන් යළි පරීක්ෂණයක් ආරම්භ කර එම ඝාතකයින්ට එරෙහිව නීතිය හමුවේ දඩුවම් ලබාදෙන ලෙසත්ය.