කොළඹ කොටුව සර් බාරොන් ජයතිලක මාවතේ (ජනාධිපති මන්දිරය අසළ ) පිහිටි විදේශ කටයුතු අමාත්‍යංශය, කොළඹ 07 බෞද්ධාලෝක මාවතට ගෙනයාම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
මේ අතර නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත්කල තවත් කැබිනට් පත්‍රිකාවකට අනුව,
අක්කර 1.57 භූමි ප්‍රමාණයකින් යුක්ත ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය
අක්කර 0.75 භූමි ප්‍රමාණයකින් යුක්ත ගෆූර් ගොඩනැගිල්ල
අක්කර 1.5 භූමි ප්‍රමානයකින් යුක්ත විදේශ අමාත්‍යංශ ගොඩනැගිල්ල
අක්කර 0.81 භූමි ප්‍රමාණයකින් යුක්ත මහ තැපැල් කාර්‍යාලය යන ඉඩම් කොටස්
කොළඹ කොටුව Heritage Square ආයෝජන කළඹ නමැති සංවර්ධන වැඩසටහන යටතට පවරා ගනු ලබන අතර එය මහා භාන්ඩාගාරයේ 100%ක හිමිකාරීත්වය සහිත Selendiva Investment (පුද්) සමාගම නමැති නව සමාගම යටතට පත් කෙරේ.
මෙම සමාගමට, ඉහත සදහන් කර ඇති වත්කම් ඇතුලු තවත් වත්කම් කිහිපයක් සදහා පෞද්ගලික අංශයේ සහයෝගයද සහිතව ආයෝජනය කිරීම, සංවර්ධනය කිරීම, අලෙවි කිරීම සහ වත්කම් ස්ථානගත කිරීම සදහා බලය පැවරීමටද කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
News hub