ශ්‍රී ලංකා ජාතික රෝහලේ MRI යන්ත්‍ර හතරෙන් තුනක් බිඳ වැටී ඇතැයි වාර්තා වීමත් සමග කොළඹ හා අවට පෞද්ගලික රෝහල් රාශියක් ජාතික රෝහල අවට වව්චර පත් බෙදීමට පටන් ගෙන ඇතැයි වාර්තාවේ.
මෙම වව්චරපත් බොහොමයක් බෙදා දී ඇත්තේ එම්ආර්යි පරීක්ෂණ සඳහා රෝගීන් යොමු කරන වෛද්‍යවරුන් වෙතය.
මෙසේ ලබාදෙන වව්චරපත් අතර එක්තරා රෝහලක් MRI පරීක්ෂණය සඳහා 50% වට්ටමක් ලබාදෙන බව සඳහන් කර ඇතැයිද පෙන්වා දුන් ජාතික රෝහලේ ශල්‍ය වෛද්‍යවරය කියා සිටියේ එසේ සියයට පනහක් දක්වා වට්ටම් ලබා දිය හැකි නම් මෙතෙක් කල් ඔවුන් අසාධාරණ ලෙස MRI පරීක්ෂණ සඳහා මුදල් අය කර ඇති බවය.
ජාතික රෝහලේ MRI යන්ත්‍ර හතරෙන් ස්නායු ශල්‍ය අංශය හා ස්නායු CIM අංශයේ MRI යන්ත්‍ර දෙක මුළුමනින්ම බිඳ වැටී ඇති අතර අපස්මාර ඒකකය MRI යන්ත්‍රයද අඩක් අකර්මණ්‍ය වී පවතී.
ඒ අනුව ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ MRI යන්ත්‍රය පමණක් මේ වන විට ක්‍රියාත්මක වේ.