රජයේ ඉඩම් අනවසරයෙන් අල්ලාගත් අයටම ඔප්පු දෙන ගැසට්ටුව හකුලා ගනියි!

 

 

කිසිදු ලියවිල්ලක් හෝ ලේඛනයක් නොමැතිව රජය ඉඩම්වල පදිංචිව සිටින හෝ එම ඉඩම් සංවර්ධනය කළ පුද්ගලයින්ට අදාළ ඉඩම්වල නීත්‍යනුකුල හිමිකාරිත්වය

පැවරීම සඳහා රජය විසින් 2020 සැප්තැම්බර් 10 වැනිදා නිකුත් කළ අංක 2192/36 දරන ගැසට් පත්‍රය අවලංගු කර තිබේ.

land gazette

අංක 2192/36 දරන ගැසට් පත්‍රය

පරිසරවේදීන් ඇතුළු පාර්ශ්ව ගණනාවකින් මෙම ගැසට්ටුවට එරෙහිව දැඩි විරෝධයක් එල්ල විය.

රජයේ ඉඩම් මංකොල්ලකෑ මංකොල්ලකරුවන්ටම ඉඩම් අයිතිකරගැනීමට අවස්ථාව ලබාදීමට එරෙහිව ඔවුන් එහිදී විරෝධය පෑහ.

පරිසරවේදී රවින්ද්‍ර කාරියවසම් මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමෙහි තැබූ සටහනක් පහතින්,

"වනජීවි හා වනසංරක්ෂණ ඉඩම්වල ඇති වනාන්තර කපා ඉවත් කිරීමට රජය දරන උත්සහය තුලින් මෙරට වන ජීවි කලාප , අලි මංකඩවල, හා ජල හා ශාක සත්ව විශේෂවලට දැඩි හානියක් එල්ල වේ. ජෛව විවිධත්ව උණුසුම් කලාපක් ලෙසත්, දුපත් රාජ්‍යයක් ලෙසත් අප අපගේ සම්පත් රැකගත යුත්තේ මෙය නැවත නිර්මාණය කළ නොහැකි නිසාවෙනි.. විශේෂයෙන් දුපත් රාජ්‍යක ජෛව සම්පත් වඳ විම තුලින් එය නැවත නිර්මාණය විමට ඇති ඉඩකඩ අවම ය. මහාද්වීපයක නම් ස්වභාවික ජෛව ව්‍යාප්තිය සිදුවි වෙනත් ලෙසකින් හෝ පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය වීමේ ඉඩකඩක් ඇත. මා මෙහි දකින අනෙක් අනතුර නම් අපගේ ගංගා පද්ධතියට අවශ්‍ය ජල මුලාශ්‍ර සිඳී යාමට මෙලෙස වනාන්තර බිලිදීම ඉතාමත් නරක ලෙස බලපානු ඇත. දැනටමත් මගුරු ඔය වැනි මළ ගංගා නිර්මාණය වි ඇති තත්වය ඉදිරියේ දී ජලය සම්බන්ධ විශාල ගැටලු පැන නැගීම නොවැළක්විය හැකි ය. ගංගාවල ජලය සිඳී යාම වියළි කලාපය පුරා ඇති මහවැව්, දන වැව්, කුලු වැව්, ඔලගමි වැනි වියළි කලාපය පෝෂණය කරන ජෛව භුමි වැව් පද්ධතිය සිඳී ගොස් දැනටමත් ඇති වී ඇති ජල හිඟය තව දුරටත් තීව්‍ර වේ. රටක නායකයෙක් කළ යුත්තේ සියයට සහසයකට පැමිණි ඇති වනාන්තර ආරක්ෂා කරගැනීමට පියවර ගැනීමයි. එය විනාශ කිරීමට අවශ්‍යය මාර්ගය නිර්මාණය වීම වැලැක්විමයි. ලංකාවේ ගොවිතැන් කිරීමට ඕනා ටහරම් අත්හල ඉඩම් ඇත. විකල්ප ලෙස ඒවා භාවිතා කිරීම හා මැදමුලන වැනි මහා වතු යටිවගාවන් ලෙස පෝෂණය කිරීමට ජනතාවට ඉඩදීම කළ හැකි ය."

120064704 10221130452783605 6436786976046601877 o

120015140 10221130454503648 3290547130319254677 o

 

Search