නිල ආරාධනාවකට අනුව ඉන්දියාවේ තෙදින සංචාරයක නිරත වූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාවේ ඉහළම විදේශ කටයුතු පිළිබද විශේෂඥයන්ගෙන් සමන්විත ICWA ආයතනය හෙවත් ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ඉන්දියානු කවුන්සිලය සමග විශේෂ සාකච්ඡාවක නිරත විය.
ලෝක කටයුතු පිළිබඳ ඉන්දියානු කවුන්සිලය (ICWA) යනු නවදිල්ලිය පදනම් කරගත් ඉහළ පෙළේ ඉන්දීය විශේෂඥයන්ගෙන් සමන්විත උපදේශක මණ්ඩලයකි. 1943 දී පිහිටුවන ලද මෙය ඉන්දියාවේ පළමු ස්වාධීන ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ඒකකය විය. එය 1943 දී ආරම්භ කරන ලද්දේ ඉන්දියානු ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ආයතනයේ (IIIA) සාමාජිකයින් කිහිප දෙනෙකු වෙනම ආයතනයක් පිහිටුවීමට තීරණය කළ අවස්ථාවේදීය. ICWA ඉන්දීය ජාතික කොංග්‍රසය සමඟ අනුබද්ධ වූ අතර IIIA බ්‍රිතාන්‍ය ඉන්දීය රජයට සහාය විය.
පාර්ලිමේන්තු පනතක් මගින්, එය 2001 දී ජාතික වැදගත්කමක් ඇති ආයතනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ඉන්දියාවේ උප ජනාධිපතිවරයා ICWA හි නිල බලයෙන් සභාපතිවරයා වන අතර විදේශ කටයුතු අමාත්‍යවරයා එහි උප සභාපතිවරයා වේ. එය සප්රු මන්දිරයේ පිහිටා ඇති අතර, එම නම කවුන්සිලයේ ආරම්භක සභාපතිවරයා ද වූ ශ්‍රීමත් තේජ් බහදූර් සප්රුගෙන් උපුටා ගන්නා ලද්දකි. ICWA යනු එක්සත් ජාතීන්ගේ අධ්‍යයන බලපෑමේ සාමාජිකයෙකි.
මෙහි ඇති විශේෂත්වය වන්නේ මෑත කාලයේ ලංකාවේ කිසිදු දේශපාලඥයකු මෙම ආයතනය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්ව නොතිබීමය.
ඒ අනුව පැයක් පුරා පැවැති මෙම සාකච්ඡාවේදී ඉන්දු ලංකා සබධතා පිළිබදව මෙන්ම උතුරු නැගෙනහිර පළාත්වලට ලබා දෙන දේශපාලන විසදුම ඇතුළු මාතෘකා රැසක් සම්බන්ධයෙන් ඉන්දීය විශේෂඥයන් විසින් විපක්ෂනායකවරයාගෙන් ප්‍රශ්න කරනු ලැබිණ.
ඊට විපක්ෂනායකවරයා පැහැදිලි පිළිතුරු ලබා දුන් ආකාරය සියල්ලන්ගේම පැසසුමට ලක්වූ ආකාරයක් දැකගත හැකි විය.
එමෙන්ම සංවාදය ආරම්භ කිරීමට පෙර විපක්ෂනායකවරයා සිදු කළ කතාව පිළිබදව බොහෝ දෙනා සිය ස්තූතිය පළ කළ ආකාරයක්ද දැකගත හැකි විය.