ශ්‍රී ලංකාවේ ඖෂධ හිඟය තුරන් කිරීම සඳහා ඉන්දියාවේ සහාය ලබා දෙන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කරයි

ශ්‍රී ලංකාවේ ඖෂධ හිඟය තුරන් කිරීම සඳහා ඉන්දියාවේ සහාය ලබා දෙන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කරයි


මෙරට රෝහල් පද්ධතියේ පවතින අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයට විසඳුම් සෙවීම සඳහා ඉන්දීය රජයේ සහය ලබාදෙන ලෙස, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍ය ජගත් ප්‍රකාශ් නඩ්ඩා මහතා හමුවී ඉල්ලීමක් කළා.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉන්දීය නිල සංචාරයේ තවත් පියවරක් ලෙසින්.

ශ්‍රී ලංකාවේ ජාතික සෞඛ්‍ය පද්ධතිය හරහා දශක ගණනක් පුරා නොමිලේ සෞඛ්‍ය පහසුකම් ලබාදීම සිදු වුවද, වර්ථමානයේ අත්‍යවශ්‍ය සහ ජීවිතාරක්ෂක ඖෂධ වර්ග බොහෝමයක පවතින හිඟය, ඉන් සේවය ලබන ලක්ෂ සංඛ්‍යාත ජනතාවට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නා.

ඇතැම් ඖෂධ පෞද්ගලික අංශය හරහා පමණක් ලබාගත හැකි වාතාවරණයක් උදාවී ඇති බව අවධාරණය කළ විපක්ෂ නායකවරයා, රජයේ රෝහල් මුහුණ දෙන එම අභියෝගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට උපරිම සහය ලබාදෙන ලෙසත්, ඉන්දියාව ලබාදෙන එම සහයෝගය ගෞරවයෙන් පිළිගන්නා බවත් කියා සිටියා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂ්ත්‍රයේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ඉන්දීය රජය පසුගිය සමයේ දැක්වූ දායකත්වය පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා සිය ස්තූතිය පළ කර සිටියා.

විශේෂයෙන්ම 2016 වසරේ දී, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ මූලිකත්වයෙන් දියත් කරන ලද ‘1990 - සුව සැරිය’ ගිලන් රථ සේවාව පිළිබඳ සිහිපත් කළ විපක්ෂ නායකවරයා එම සේවාව හඳුන්වාදීම හරහා දිවයින පුරා හදිසි වෛද්‍ය ප්‍රතිචාර ක්‍රමවේදය ශක්තිමත් වූ බවත්, එය  “ජීවිතාරක්ෂක හවුල්කාරිත්වයක්” ලෙස හඳුන්වා දිය හැකි බවත් කියා සිටියා.

මහජන සෞඛ්‍යය වැඩි දියුණු කිරීම, ඖෂධ සහයෝගීතාව පුළුල් කිරීම සහ හිඟයකින් තොරව සැමට අත්‍යවශ්‍ය ඖෂධ ලබාගැනීම සහතික කිරීම සඳහා ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාව සහ ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍ය ජගත් ප්‍රකාශ් නඩ්ඩා මහතා අතර මෙහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු වුනා.

“Provide India’s Support to Address the Drug Shortage in Sri Lanka”

– Leader of the Opposition Sajith Premadasa appeals to the Indian Government

Leader of the Opposition Sajith Premadasa met with India’s Minister of Health and Family Welfare, Hon. Jagat Prakash Nadda, and requested the Indian Government’s assistance in finding solutions to the shortage of essential medicines within Sri Lanka’s hospital system.

This meeting took place as part of Mr. Premadasa’s official visit to India.

Mr. Premadasa highlighted that although Sri Lanka has provided free healthcare for decades through its national health system, the current shortage of many essential and life-saving medicines has severely affected millions of citizens who depend on these services.

Emphasizing that certain medicines are now available only through the private sector, he called for maximum support from India to help Sri Lanka overcome the challenges faced by public hospitals, expressing deep appreciation for India’s continued cooperation.

Mr. Premadasa also conveyed his gratitude for the Indian Government’s contribution to improving Sri Lanka’s healthcare infrastructure. In particular, he recalled the ‘1990 Suwa Seriya’ ambulance service, launched in 2016 under the initiative of Prime Minister Narendra Modi, noting that the service has significantly strengthened Sri Lanka’s emergency medical response network and stands as a true “life-saving partnership.”

Extensive discussions were held between Mr. Premadasa and Minister Nadda on the need for joint efforts to enhance public health, expand pharmaceutical cooperation, and ensure universal access to essential medicines. Both sides also explored possible measures to achieve these shared objectives.

https://youtu.be/lAyStJ3hydw?si=D16srLiUJyskkHcj

Search