පාරිසරික අයිතිය ඔබගේ අයිතියකි..එය සුරැකීමට පෙළ ගැසෙමු !

 

දූපත් රාජ්‍යයක් ලෙස අප රට ද විශ්ව මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් එකග වී ඇත.

මිනිස් මූලික අයිතියක් ලෙස ගැනෙන ජීවත් වීමේ අයිතිය සුරැකීමට නම් මානව පාරිසරීක අයිතිය සුරැකිය යුතු ය. ඒ සදහා අවශ්‍ය ප්‍රතිපාදන සැකසී ඇත්තේ Third-generation human rights යටතේ ය. ඒ අනුව සෞඛ්‍ය සම්පන්න පරිසරයක ජීවත් වීම, මිනිසාට සොබාවික සම්පත්වලට ඇති අයිතිය හා ඒවා ආරක්ෂා කිරීමේ අයිතිය මිනිසාට හිමි විය යුතු අයිතියක් ලෙස පිළිගෙන ඇත.

මෙරට පරිසර සම්පත් හා ඒවා විනාශ කිරීම නිසා ඇති වන්නේ එම Third-generation මානව අයිතියයි. පරිසරය සම්බන්ධව මානවයාට ඇති අයිතිය සුරැකීම වෙනුවෙන් රටක් ලෙස අප එකඟ වී ඇති අතර එම අයිතිය කඩ වන්නේ නම් එයට එරෙහි වීමට ද සෑම පුරවැසියෙකුටම අයිතියක් ඇත.

එලෙස කඩවන අයිතිය වෙනුවෙන් පෙනී සිටිම සදහා අපි සියලු දෙනාම සුදානම් වෙමු. පාරිසරික අයිතිය සුරැකීම වෙනුවෙන් පෙළ ගැසෙමු!

Search